Monday, July 18, 2016

ටීචාලංකාරයේ ආභාසයෙන් ලියැවුණු ටීචාවලිය

හැම සතියකම අඟහරුවාදට යන්නේ
චූටි පොතක් විතරයි මං ගෙනියන්නේ
ඒ වෙනකොටත් ඈ පන්තිය කරමින්නේ
මුල් පේළියේ වම් කෙළවර ඉඳගන්නේ

ගාණක් නැතුව ඈ පාඩම කරන්නේ
මී පැණි වගේ හඬ කන් තුළ ගලන්නේ
හිටපු ගමන් මල් හිනාව පාන්නේ
මං එතකොට ගල් ගැහිලයි බලන්නේ

කතා කරනවා ඈ ළඟටත් එනවා
මුල්ම පේළියේ අප හැම අඳුරනවා
විසඳගන්ට දහසක් පැන මතුවෙනවා
අමාරුවෙන් හැමවිට මං නවතිනවා

විවාහකලු ඇය එක්දරු මවක්ලූ
වයස තාම විසි ගාණක් පෙනේලූ
දැනෙන දුකට දෑසට එයි කඳූලූ
ට්‍රයි කරන්න බෑ වයසින් වැඩීලූ

පේන හම සුදුයි සුද්දියො පරාදයි
රෝස තොල් දෙකයි මුතුවන් හිනාවයි
නිහතමානි ඇගෙ කතාවෙ ලතාවයි
හිතාගන්න බෑ සුරලොව නොවේයැයි

කේෂ දන්ත ඡවි මාංශ කල්‍යාණි
සීයට දෙසීයක් නියමයි මිහිරාණි
වයෝ තමා අප අතරේ පරිහාණි
ඇහෙද්දිත් ආස ඇගෙ නම දිල්හාණි

ඔසරිය නෙරිය වට සැම විට අඳින්නේ
කලිසම කෙසේ වේදැයි හිත අසන්නේ
කොට ගවුමට අඩි උස දෙක කැපෙන්නේ
චීත්තයක් ඇඳි රුව සිත සරන්නේ

සමහරු බ්‍රෙසියරේ ගලවා දන් දෙනවා
ඕව ඇහෙන විට මට මෑ සිහිවෙනවා
නිකමට දැක්කොතින් හැට්ටය ගළවනවා
සීගිරි ළඳුන් කොටු පවුරෙන් බැස යනවා

රෝස ලා දුඹුරු කළු හෝ තද දුඹුරු
පාට කුමක්දැයි දන්නෝ වෙති කව්රු
කට්ටිය එකතු වී ඈ ගැන මතක් කෙරූ
කල්පිතයකට කල් මැරුවා සියක් වරු

අසහනෙන් පිරුණු සමහර කොල්ලන්ට
හිතෙනවාලු ආරක්ෂා කරගන්ට
ලැබෙනවනම් තුරුල් වෙලා කිරි බොන්ට
කපන්නම් සියක් සතුරන් හතරකට

නිතරම වේදිකාවෙන් පහළට බසින
ඔසරිය දෙපස උස්සාගෙන යළි නගින
විටදි, වළලුකර මුල මතුවී පෙනෙන
සිතේ මැවෙනවා සුදු පැහැ අනිත් කොන

ඔසරිය දෙතුන් වර ඉණ වට ඔතාලා
ඊටත් යටින් යට සායෙන් වසාලා
තිබුණත් බලන විට කැත හිත යොමාලා
විනිවිද පෙනේ සළු ඔක්කොම ගලෝලා

කිසිම පන්තියක් නැත මග හරින්නේ
නොදැක කොහොම සති දෙකක්ම ඉඳින්නේ
ඈ නොආ දිනේ වෙන මිස් කෙනෙක්නේ
ආපු මිසුත් එළ චුට්ටක් කළුයිනේ

පැනයක් ඇසූ කල විතරක් අහක බලා
දෙපැයක් පුරා සිටියේ නෙතු ඇයට හෙළා
සතියක් පසුව සතියක් කල් පියා සලා
වසරක් ගෙවී ගොස් පන්තිය ඉවර වෙලා

1 comment:

  1. ටීචාලංකාරය - http://www.zoom.lk/forums/showthread.php?t=16919
    පට්ට ටීචර් - http://jbasnayaka.blogspot.com/2012/03/blog-post_12.html

    ReplyDelete