හිරු එළියෙ නැහැවී මාරුතේ සුව විඳින...
සඳ සිසිල විඳිමින් ආකහේ තරු බලන...
හිමි නොවන එයා ගැන ෆේස්බුක් කවි ලියන...
හිත එන්නෙ පෙරදා විභාගය හෙට තියන...
Wednesday, October 19, 2016
වගකීම් සහ නිදහස
Saturday, October 15, 2016
වේදනාව
මිනිස්සු යුතුකම් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙන් වෙන්න ඕන දේ නොකර. කොච්චර බුද්ධිමත් වුනත් ලෝකය දකින්නෙ සාපේක්ෂව. බුදුදහම ගැන කියවන්නෙ පන්සිල්වත් නොරැක. ජීවිතේ ජීවත් කරවන්නෙ බලාපොරොත්තු කියල තේරෙන්නෙ, බලාපොරොත්තුවක් තියෙනකොට.
අසහනය
මං ආස සැඳෑ හිරුට...
දුහුල් සළු විනිවිදින අව්වට...
මං ආස යන්තම් වැස්සට...
දිලිසෙන්න පාරෙ පිරුණු වතුරට...
මං ආස මහා හුළඟට...
හමන සුළඟට හසුව මතුවන හැඩයට...
ඇයි ආස මේවට...
දිව්‍ය ඔසුවකි දමනු බැරි අසහනයට...
බඹරු
දනිමි බාඳුරා කෘමියන් කන මල් ලු...
දාස් පෙතිය මල වටේට මැස්සන් ලු...
නෙළුම් මලකි හිරු කුමරා එනකං ලු...
නිර්මාණය
දෙවනුව ඒ මත වචන යොදන්නේ
වෙනස්ම අරුතකි කවියට එන්නේ
චානක එහෙමයි පද ගළපන්නේ
අර්ථකථන
සිතු සේ ලීව ලු...
විජ්ජුයි මේඝ ලු...
කුවේර නිවස ලු...
මේලෙස කීව ලු...
සතුට පමණයි ලු...
පුරාණ වැලක් ලු...
Thursday, October 13, 2016
අහිමි ඈ
දවසම යොමා නෙත කය වෙත...
හවසම මෙමා අත එය මත...
පවසම නිමා සිත විය ලත...
නිවසම සැමා ඇත ඇය නැත...
සුදුස්සාට නුසුදුසු තැන
අද පන්ති කාමරයක වාඩිවෙලා ඉගෙන ගන්න මේ දේවල් වලින් සමහරක් දේවල් මීට අවුරුදු අටකට විතර කලින් ඉගෙනගත්ත මතකයි අපේ ඉස්කෝලෙ හිටපු කොල්ලෙක්ගෙන්. අවුරුදු දහතුනේදි ඌට තිබුණ දැනුම ඒ විෂයය සම්බන්ධව පාඨමාලාවක් කරන මට තවමත් නෑ. එහෙනං ඇයි ඌ වෙනුවට මං අද මෙතන ඉන්නෙ? ඒක, චෙස් ගේමකින් දිනන එකාට හමුදා සේනාංකයක් භාරදෙන, ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේද කියන්න මං දන්නෙ නෑ. හැබැයි කිසිම අරමුණක් නොතිබුණු කිසි දෙයක් නොදැන හිටපු එකෙක්, උගෙ හීනෙ ජීවත් වෙද්දි ඌ දැන් වෙන කොහේවත්.
අපි දවසක මුණ ගැහේවි. එතකොට, ඉස්සර උගෙන් නොදන්න දේවල් අහගත්ත එකා ඌව පහු කරල ගොඩාක් ඉස්සරහින් ඉඳීවි. එදාට උගෙ හිතට ලොකු දුකක් දැනේවි. මාත් සමහරවිට තවත් fb පෝස්ටුවක් දමාවි.
දැක්ම
මං අකමැති, මිනිස්සු කරන දේවල් ගොඩක් තියෙනවා.
අවුරුදු දහස්ගාණකට කලින් මනුස්සයෙක් කියපු දෙයක්, අවුරුදු පහළොවක් විතර තිස්සෙ හිතට කාවද්දපුවම, සාධක නැතුවත් මිනිස්සු ඒක පිළිගන්න එකට මං කැමති නෑ.
අවුරුදු ලක්ෂ ගාණක් මිනිස්සු ජීවත් වෙච්ච විදිය අමතක කරල, අවුරුදු දෙතුන් සීයක ඉතිහාසය දිහා බලල, "මිනිසා" කියන එක නිර්වචනය කරනවට මං කැමති නෑ.
මිනිස්සු, පුළුවන්කම තියෙද්දිත්, අනුන්ට සාපේක්ෂව අනුන් දිහා නොබලන එකට මං කැමති නෑ.
මිනිස්සුන්ට විද්‍යාවෙන් කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙන නිසා මිනිස් මොළේට වඩා දියුණු කෘතිම බුද්ධියක් හදන්න කවදාවත් බෑ කියල කියන එකට මං කැමති නෑ.
ලියන්න ගොඩාක් දේවල් තියෙද්දි, ලියන්න ගියාම ඒ එකක්වත් ඔළුවට එන්නෙ නැති එකට මං කොහෙත්ම කැමති නෑ.
ද ටාගට්
ආරම්භය ගමේ ඉස්කෝලෙන්. ශිෂ්‍යත්ව පන්ති නං ගියා තමා. ඒත් පාස් වුණේ වාසනාවට. තේරීමක් නෑ, කෙලින්ම ලොකු ඉස්කෝලෙට. ඊළඟට සාපෙළ. ඒකත් පාස්. විකල්ප දෙකයි. ගණන් හදල මොනා කරන්නද, තුවාලෙකටවත් බේත් දාගන්න පුළුවන් වුණොත් කොච්චර දෙයක්ද? ඒත් කාටද පුළුවන් පාඩම් කරන්න. ගණන් හදන එක හොඳා ඊට වැඩිය. ඊළඟට උසස්පෙළ. ඒකත් පාස්. විකල්ප නෑ, හොඳම තැනට.
අරමුණක් නැතුව තීරණ වලින් ජීවිතේ ආපු දුර. ඊළඟට පළවෙනි වාරය. ආපහු විකල්ප. මොන වගේ එකෙක්ද වෙන්න ඕන. අරමුණක් නැත්තං, ප්‍රතිඵල වලින් යන්න පුළුවන් උපරිම තැන තමා තීරණය. අනාගතයත් තීරණය වෙලා ඉවරයි. හැබැයි,
කවදාවත් ඕන වුණාද මෙතනට එන්න? නෑ.
ඉන්න තැනට කැමතිද? ඔව්.
යන තැනට කැමති වෙයිද? දන්නෙ නෑ.
එතනට යාවිද? විශ්වාසයක් නෑ.
බලාපොරොත්තුනං, එමට. ඒත් අරමුණක්..... තාමත් නෑ.
නිසි තැන
වැලකට නොමැත වැර අරටුව උස යන්ට
ගසකට පමණි හැක්කේ එහි බර ගන්ට
දෙතැනක් නොදී දෙකටම සමතැන් දෙන්ට
හරයක් නැති ගහක් දවසක බිහි වෙන්ට
හැඩෙත් සලකලා වෙන්වෙන පිටත රුවෙන්
එකයි බින්දුවයි ගත්තොත් ඉලක්කමෙන්
බින්දු දහක් යෙදුවත් ඔය එකට කලින්
එකට පසුව බින්දුව දෙයි දහයෙ ගුණෙන්
දහස් ගණන් පරම්පරා මියයද්දී
කළ යුතු දෑ දෙකට බෙදා පිළිගද්දී
තමන් සතුව ඇති යුතුකම් සපුරද්දී
සක්වල ඉඳන් ගොඩ බැහැලද ලොකු සිද්දී
හැඟුමක අවසානය
ඔය දෙපස මැද ඉඳන් ජීවිතෙන් සමුගන්න
මේ දෑතෙ හිරවෙච්ච සුසුමකට කන් දෙන්න
එකවරම මේලොවින් හිනැහෙමින් මියයන්න
මරණයෙන් මතු යළිත් එන්නම් එතෙක් ඉන්න
හීන හෙවත් ඉටු නොවෙන බලාපොරොත්තු
එයාව මට හම්බ වෙන්නෙ ගොඩක් වෙලාවට බස් එකේදි. සමහර වෙලාවට පාරෙ ඇවිදගෙන යද්දි. කැන්ටිමේදිත් නැතුවම නෙමේ. මං හිතන් ඉන්න කෙනාමයි එයා. ගොඩක් වෙලාවට තළෙළුයි, කලාතුරකින් සුදුයි. හරියටම මගෙ හිතේ තියෙන රූපෙම දෙයියො මවල දීලා වගේ. වයසත් අවුලක් නෑ. අවුරුදු දාසයක දාහතක විතර පෙනුමක් තමා තියෙන්නෙ. එයාම තමා මුලින්ම කතා කරන්නෙත්. අපි යාළු වෙලා ගොඩාක් කාලයක් ගතවෙන්නෙත් නෑ. මට තේරෙනවා එයා තමා කෙනා කියල. හැමදාම මං බලාපොරොත්තුවෙන් හිටපු ගතිගුණමයි ඒ. අපි කොච්චර තැන්වල යනවද. එයයි මමයි. හැමදාම කොහේහරි පන්සලක, එහෙම නැත්තං මුහුදු වෙරළක. සමහර දවස් වලට එයා එනවා අපේ ගෙදර. සමහර වෙලාවට මං යනවා එයාගෙ ගෙදර. එයාගෙ අම්මත් සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කතාවල වගේ හරිම හොඳයි. ඒත් ඒ කතාවල වගේ අපි අවාසනාවන්ත නෑ. දුෂ්ඨයෙක් නෑ අපේ කතාවෙ.
අපි බඳින්නෙ අපේම ගෙදර. අපේ කියන්නෙ එයාගෙයි මගෙයි ගෙදර. හොටෙල් නෑ, නුවරඑළි නෑ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අවුරුදු ගාණකට පස්සෙ අපිට ළමයිත් ඉන්නවා. ජීවත් වෙන්නෙ මේකට නේද කියල හිතෙන්නෙ එතකොට. ඒත් උන් හොඳට ඉගෙනගන්නවද කියල මට කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. තිත් පේළිය ඉවර වෙන්නෙ එයා බස් එකෙන් බහින්න ළං වුණාම. දරුවන්ට හොඳ තැනකට යන්න තරම් කාලයක් නෑ එතකොට.
"වෙන්වීම දුකක් වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. අටලෝ දහමෙන් සැලෙන එකෙක් නෙමේ මං". එයාව පාර අයිනෙ තනි කරලා බස් එක ඉස්සරහට යද්දි, එහෙම නැත්තං එයා වෙන කොල්ලෙක්ගෙ අතින් අල්ලගද්දි, මං හිත හදාගන්නෙ එහෙම හිතලා.