කාලයක් තිබ්බා අතට අහුවෙච්ච හැමදේම ගලවපු. ප්ලාස්ටික් කෑල්ලක් දැක්කත් හැංගිච්ච තාක්ෂණයක් හොයපු. කිසිම දේක වටිනාකමක් නොතේරුණ ඒ කාලෙ අළුත් සෙල්ලම් බඩුවක් හම්බුණ ගමන් මුලින්ම කළේ ඒකෙන් කරන්න පුළුවන් දේවල් හොයල බලපු එක. ඒ ඔක්කොම ටික දැනගත්තට පස්සෙ කළේ නියනක් අරගෙන ගලවපු එක. ගලවන හැමවෙලාවකම ගැලෙව්වෙ ආපහු හයි කරන්න බලාගෙන තමා. ඒත් ගොඩක් සෙල්ලම් බඩු ගලවන්න හදපුවා නෙමේ. දෙතුන් පාරක් ගැලෙව්වට පස්සෙ ආයිත් හයි කරන්න බෑ. එක්කො ඇණවල දාරෙ ගිහින්. නැත්තන් ප්ලාස්ටික් කෑලි කැඩිලා. එක්කො සර්කිට් වල වයර් ගැලවිලා. හැබැයි ඒවා වලින් ඉගෙනගත්ත දේවල් නං තාමත් මතකයි.
බැට්රියකින් කරන්ට් එක එන විදිය ගැන මගේම සිද්ධාන්තයක් තිබ්බා ඒ කාලෙ. බැට්රියක දෙපැත්තෙන් ධන, ඍණ කියල කරන්ට් වර්ග දෙකක් එළියට එන අමුතුම ක්‍රමයක් ඒක. පස්සෙ කාලෙක විද්‍යාවට ඉගෙන ගත්තු දේවල් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වුණාට, තාමත් සමහර දේවල් සරලව පැහැදිලි කරන්න පුළුවන් ඒ සිද්ධාන්තයෙන්.
ඊට පස්සෙ ට්‍රයි කළේ අළුත් දෙයක් හදන්න. ඍජිෆෝම් වලින් හෙලිකොප්ටර්, ප්ලේන් හැඩේට කපලා සැකිල්ල හදලා, මෝටරයකුයි පෙත්තකුයි බැටරියකුයි හයි කරලා උඩ යවන්න ට්‍රයි කරපු කාලයක් තිබ්බා. මාළු ටැංකියෙ යවන්න හදපු බෝට්ටු නං සාර්ථකයි. රෝද තියෙන වාහන හදන්න බෑ ඍජිෆෝම් රෝද මෝටර වලට හයි කරන්න බැරි නිසා. අනික මෝටර් දෙකක් එකසැරේ හොයාගන්න එකත් ප්‍රශ්නයක්. ලොකු වෙලා කොහොමහරි උඩ යන ප්ලේන් එකක් හදන්න බලාපොරොත්තුවක් තිබ්බා වගේ මතකයි ඒ කාලෙ.
ඊට පස්සෙ ආවෙ සර්කිට් හදපු කාලෙ. සල්ලි කීයක් හරි එකතු කරගෙන සර්කිට් බෝඩ් එකයි, ඕන කරන බඩු ටිකයි ගෙනත් බෝඩ් එකේ ඇඳල තියෙන විදියට පාස්සපු එක තමා කළේ. සර්කිට් එකේ මයික් එකෙන් කතා කරාම රේඩියෝ එකෙන් සද්දෙ ඇහෙන ඒවා, එක එක රටා වලට ලයිට් පත්තුවෙන ඒවා ඒ කාලෙ මැජික් වගේ. බෝඩ් එකේ ඇඳල තියෙන සර්කිට් එක ඇන්දෙ කව්ද, ඒක හදන්න හිතුවෙ කව්ද කියල ලොකු ප්‍රශ්නයක් තිබ්බා ඒ කාලෙ. පට්ට ලොකු සර්කිට්නෙ ඒවා ඒ කාලෙ.
ඒ ඒ කාලෙ. ඒත් දැන්. කුතුහලය නං නැති වෙලා නෑ. හැබැයි දැන් ඉස්සර වගේ කරන්න හිතෙන්නෙ නෑ. ඉස්සර නං සෙල්ලම් බඩු කෑලි කරා කිසිම ගාණක් නැතුව. ඒත් දැන් ලැප් එකක්, ෆෝන් එකක් එහෙම ගලවන්න බෑ. වගකීම් ඉස්සරහට ඇවිත්. මොනවාහරි වුණොත් මොනවා කරන්නද? අනිත් එක ඉස්සර ඒ වගේ ගැලෙව්වම තේරුම් ගන්න දෙයක් තිබ්බා. ඒ ඉගෙන ගත්ත දේවල් තාමත් මතකයි. ඒත් දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. පොඩිම Phone එකක් ගැළෙව්වත්, IC ටිකක් හයි කරපු board එකක් තියෙනවා මෙලෝ එකෙකුට තේරෙන්නෙ නැති. එක IC එකක් ඇතුලෙ කොටස් මිලියන ගාණක් තියෙනවලු. ඉතිං සංකීර්ණ වැඩියි.
ඔය ඉතින් පහුගිය අවුරුදු පහළොවක, දාසයක විතර අතීතය. තව ඒ වගේ දෙතුන් ගුණයක් ඉස්සරහට එන්න තියෙනවනෙ. බලමුකො ජීවිතේ මොන පැත්තට හැරෙයිද කියල.