-සංසාරගත ප්‍රේමය සොයා යන අදිටනින් දිවි කතර සරු කරන්නෙකුගේ ආදරණීය වීර කාව්‍යය-
පහළොවෙදි දහඅටට
දාහතෙදි විසි එකට
කල් දැම්මෙ කසාදෙට
විසි දෙකක් වෙයි දැනට
ජාතිය වයස ආගම සහ නොයෙක් දෑ
කෙනෙක් ඉඳී ගැළපෙන ඒ සියලු දෑ
හමුවන තුරු බලමින් සිටි කල් මදෑ
එදිනට නුඹ කරනව මගෙ බිරින්දෑ
මල් මදහාස දෙන සීතල මල් වැස්සේ
ගෙපැලක් හදන් ඉමු ලා නිල් තණ බිස්සේ
මෙච්චර හීන හිරකරගෙන හිත අස්සේ
කොට්ටක් පැන්නෙ නෑ තාමත් ගල්කිස්සේ
ආ දා ඇස් කෙලින් ඇස මත රුව ඇන්දේ
ඇසිපිය හෙළන වර ඇගෙ රුව සුව වින්දේ
හිමිවිය නොහැක හිමිවනු ඇත මත දුන්දේ
පෝ දා හද හඬයි හඳ දැක පද බැන්දේ
තිබුණට ගොඩක් මල්
කළා මං හිත ගල්
හිටියේ ගොඩක් කල්
එයා දැං ඒලෙවල්
No comments:
Post a Comment