Monday, July 18, 2016

හිරු සහ අහස

හිරු ගිහින් ලෝ වටා රෑ අහස තනිවෙලා...
හිරු නොමැති තැන ගන්න තරු හිටියෙ බල බලා...
රාත්‍රිය ගෙවී ගොස් නව දිනක් එළඹිලා...
හිරු කිරණ පැතිරිලා ආකාසෙ එළිවෙලා...
.
හිරු ඉන්නෙ අහස්කුස සැතපිලා දින පුරා...
පැයෙන් පැය ගෙවී ගොස් රාත්‍රිය එනතුරා...
නුබ දන්නෙ නෑ හිරුට අහස් ඇත ලොව පුරා...
හිරු පෙරත් අද හෙටත් හිටපු තැන එළි කරා...
.
අමාවක රෑ අහසෙ ඝන අඳුර දුරලන්න...
තරු වලට බැරි එළිය නුබ සරා පතුරන්න...
පායන්න පෙර හිරුට මුව නොපා සැඟවෙන්න...
ඇයි අහස මට බැරිද පුර පෝය සඳ වෙන්න...

No comments:

Post a Comment