මට විතරද දන්නෙ නෑ මෙහෙම හිතෙන්නෙ.
සංගීතය කියන්නෙ මගෙ හැකියාවෙන් බාහිර විශයක්. තාලය, ශ්‍රැතිය මට තේරෙන්නෙ නෑ. සිංදු කියන්න බෑ.
ට්‍රිප් එකක් ගියාම හැමෝම සිංදු කිය කිය නටද්දි මට දැනෙන්නෙ දුකක්. සංගීතය දන්න මිනිස්සු තාලෙ ගැන විතරක් හිතල හිනා වෙවී කිව්වට, තාලෙ නොදන්න, තේරුම විතරක් හිතන මට, කල්පනා වෙන්නෙම මේ සිංදුව ලියද්දි රචකයා මොන වගේ හැඟීමක ඉන්න ඇතිද කියන එක.
කට්ටිය සිංදු කියනකොට, මං අහගෙන බලාගෙන ඉද්දි හැමෝම අහන්නෙ "මොනවද කල්පනා කරන්නෙ? වරෙන් සිංදුවක් කියන්න". දෙයියනේ එක සිංදුවක කොච්චර දේවල් තියෙනවද කල්පනා කරන්න. සිංදු සියගාණක් කලවමේ කියද්දි හිත යන දුර (ඇත්තටම වර්ගඵලය) හිතාගන්නවත් පුළුවන්ද?
අනිත් එක, ප්‍රශ්න වලින් පිරිච්ච මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නෑ වගේ ඉද්දිත් මට නිකං අවුල් වගේ. ඇත්තටම ඉරිසියයි. කොහොමද එහෙම ඉන්නෙ?
සමහරවිට, බඩගින්නෙ ඉඳල නැති ඉන්න බැරි මිනිස්සුන්ට, එළවලු විතරක් එක්ක බත් කන්න බැරි මිනිස්සුන්ට, පයින් යන්න බැරි අව්වෙ ඉන්න බැරි මිනිස්සුන්ට, අනිත් හැමදේම තියෙනකොට ප්‍රශ්න නැතුව ඇති.
තව දෙයක්.....
මං ආස නෑ සංගීත ප්‍රසංග, පැදුරු සාජ්ජ වලට යන්න. එතනදි නං සිංදුව ගැන හිතෙන එකේ අවුලක් නෑ. අවුල තියෙන්නෙ "මට සංගීතෙ බෑනෙ" කියල හිතෙන එකේ. දවස් ගාණක් යනකං ඒ වේදනාව නැතිවෙන්නෙ නෑ.
ආයිත් සැරයක් කියන්න තියෙන්නෙ, මට විතරද දන්නෙ නෑ මෙහෙම හිතෙන්නෙ. තව උං ඉන්නවනං යන්තං කමෙන්ට් එකක් දාල යන්න.
-ස්තූතියි-
No comments:
Post a Comment