Tuesday, June 13, 2017

කෘතිම රෝද

මිනිස්සු ගුවන් යානා හැදුවෙ කුරුල්ලො දිහා බලාගෙනලු. සබ්මැරීන් හැදුවෙ මාළු දිහා බලාගෙනලු. ඇත්ත තමයි. මිනිස්සු ඒ දේවල් වලට ආස කළේ සත්තු දිහා බලල තමයි. හැබැයි සොබාදහමයි මිනිස්සුයි ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නෙ වෙනස් තාක්ෂණයන්. මිනිස්සුන්ට බැහැ සොබාදහම හොයාගත්ත දේවල් පාවිච්චි කරන්නවත්. සරල උදාහරණ කීපයක් ගත්තොත්....
සොබාදහම සත්තුන්ට කකුල් දුන්නට මිනිස්සු වාහන වලට පාවිච්චි කරන්නෙ රෝද. වෙන වෙනම සලකල බැලුවම රෝද වලට වඩා කකුල් වලට කරන්න පුළුවන් දේවල් ගොඩයි.
සොබාදහම කුරුල්ලන්ටයි මාළුන්ටයි උස්-පාත් කරන තටු දුන්නට මිනිස්සු ගුවන්යානා සහ සබ්මැරීන් වලට පාවිච්චි කරන්නෙ කැරකෙන පෙතියි බඳේ හැඩයයි.
සර්පයෙක් ඝන සහ ද්‍රව මාධ්‍ය මත ගමන් කරන තාක්ෂණය වගේ දේවල් 100%ක්ම අනුකරණය කරන්න තවම බැරි වුණාට, සොබාදහම කරන දේවල්ම කරන්න මිනිස්සු ගත්ත උත්සාහය අපතේ ගිහින් නැහැ. ක්‍රමේ වෙනස් වුනාට කොහොමහරි කළානෙ.
ඒත් ප්‍රශ්නෙ මේකයි...
මිනිසාට සොබාදහම අනුකරණය කරන්න ප්‍රාථමික ක්‍රම තියෙනවනම් ඇයි සොබාදහම ඒ ක්‍රම පාවිච්චි නොකළේ?
ඇයි රෝද තියෙන සත්තු, පෙති තියෙන කුරුල්ලො පෘථිවියේ නැත්තේ?
රෝදය කියන සංකල්පය ස්වභාවිකව දකින්න නැත්තෙ ඇයි?
මිනිසාට සරල වුනාට රෝදය කියන්නෙ සොබාදහමට පට්ට සංකීර්ණ එකක්ද?

2 comments:

  1. මට නම් හිතෙන්නෙ ස්වභාදහමෙ ඇතැම් දේවල් මිනිසාට පට්ටම සංකීර්ණ වෙන්න ඇති නිර්මාණය කරන්න. චලනය මිනිසා ජයගන්නෙ රොදය හරහා.. එන්ජිම හෝ මෝටරය මිනිසාගෙ ප්‍රධානතම චලන උපකරණයයි. ඉතින් බොහෝ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරිමේදී මිනිසාගෙ පරිකල්පනය රොදය වෙත පටු වූවා විය හැකිය. නමුත් දැන් දැන් මිනිසා රෝදයෙන් ඔබ්බට පරිකල්පනය විදහාපාන අවස්ථා නැතුවාම නොවේ.. ඇවිදින රොබෝලා ඒකට උදාහරණයක්. අනිත් අතට ස්වභාදහම දේවල් නිර්මාණය කළේ ස්වභාදහමට ගැලපෙන්න. එ කීවෙ මිනිසා රොද තියෙන වාහන හැදුවට ඒවට ගැලපෙන්න ස්වභාදහම වෙනස් කරන්න වුණා පාරවල් හදමින්. අවසානයට කියන්න තියෙන්නෙ ස්වභාදහම ස්වභාදහමට ගැලපෙන්නත් මිනිසා මිනිසාට ගැලපෙන්නත් ස්වකීය නිර්මාණ කරල තියෙනවා.

    ReplyDelete
  2. එකෙම්ම. ඒ ගැන හිතෙද්දි හරි අමුතුයි.

    ReplyDelete