ගොඩ කාලෙක ඉඳන් හිතන් හිටියෙ පිළිවෙල ගැන ලියන්න ඕන කියලා. දන්නවද, පිළිවෙල සහ ලස්සන අතර වෙනස? හිතන්න මෙහෙම. බෝඩිමේ වෙනම මේසයක් උඩ තේ හදන්න ඕන කරන දේවල්, පිඟන්, කෝප්ප ලස්සනට තියලා තියෙනවා. ඒක දකිනකොට ලස්සනයි. හැබැයි සීනි බෝතලේ ඇරපුවාම ඒකෙ කූඹි පිරිලානම්, තේකොළ බෝතලේ තේකොළ නැත්තං එතන පිළිවෙලක් තියෙනවද? නෑ. ලස්සන කියන්නෙ පිළිවෙල නෙමේ. පිළිවෙල කියන එකට මගෙ අර්ථදැක්වීම තමයි, "ඕනම දෙයක් තියෙන තැන නිවැරදිව දැන සිටීම සහ නිතර පාවිච්චි කරන දේවල් ක්ෂණිකව ගැනීමේ හැකියාව". තේ හදන්න ගන්න දේවල් පොත් මේසෙ පොත් උඩින් තිබුණත් කාමරේ අයිතිකාරයට තියෙන තැන මතකනම් ඒක තමා නියම පිළිවෙල. කාමරේ අස් කරනවයි කියල ගොඩක් අය කරන දෙයක් තමා මේසෙ උඩ තියෙන දේවල් ඔක්කොම ටික ලාච්චුවකට දාල මේසෙ ලස්සනට තියන එක. මං අකමැතිම දෙයක් තමා ඒක. හැමදේම මේසෙ උඩ තියන එකෙන් ලස්සන මිසක් පිළිවෙල නැතිවෙන්නෙ නෑ.
තව දෙයක් තමා "අපිළිවෙල තමා හොඳම පිළිවෙල" කියන එක. එන්ට්‍රොපිය ගත්තමත් අපිළිවෙල වැඩිවෙන තරමට ස්ථායී බව වැඩියිනෙ. සරල උදාහරණ ටිකක් කියන්නම්. උදේට නැගිට්ටම නෙට් එක අකුලන එක මං දකින විදියට මෝඩ වැඩක්! ආයිත් රෑට ඕක දානවනම් මොකටද අකුලන්නෙ, ලස්සනටද? චාජර් එකෙන් කරන්නෙ චාජ් කරන එක විතරයි නම් ඇයි ඒක ප්ලග් එක ළඟ නොතියා ලාච්චුවට දාන්නෙ? කකුල පැටලෙනවටද? කාමරේ කැත වුනාට ඒක එහෙමම තියන එකෙන් කොච්චර ශක්තියක් ඉතුරු කරගන්න පුළුවන්ද? තමන්ට ගඳ නැත්තං හැමදාම එකම ඇඳුම ඇන්දට මොකද?
දැන් සමහරු තර්ක කරාවි "හෝදන" එක ගැන. ඒක තමන්ගෙ වැඩක්! :D
No comments:
Post a Comment