ආදරණීය ඔයා වෙත....
කොහොමද සැප සනීප? මං නං වෙනද වගේම තමා. මතක් වෙනව හැම වෙලේම ඔයාව. ගිය මාසෙ හත් වෙනිදට, මං ඔයාව අන්තිමට දැකල අවුරුද්දක්! ඒ අන්තිමට දැක්කෙත් අවුරුද්දකට විතර පස්සෙනෙ. ආයිත් දකින්න ආසයි. ඒත් නොදැක ඉන්න තරමට හොඳා. එදා අන්තිම දවසෙ ඔයා කියපු ප්‍රශ්නෙ විසඳගත්තද? උපන්දිනේට මැසේජ් එකක් දැම්මට ඒක ගැන අහන්න බැරිවුණානෙ.
ඔයාට තාමත් කව්රුවත් හම්බවුණේ නැද්ද? තාම බැන්ඳෙ නෑ කියල නම් විශ්වාසයි. මට නොකිය බඳින්නෑ කියල මං දන්නවනෙ. බඳින දවසට කියන්න. මං එන්නෙ නම් නෑ. ඔයා ඒක දන්නවනෙ. හැබැයි ප්‍රාර්ථනා කරන්නම් හැමදාටම සන්තෝසෙන් ඉන්න.
මමත් තාම බැන්ඳෙ නෑ. මතකයි එදත් ඔයා තුන් හතර පාරක්ම මගෙන් ඇහුවා, ඇයි තාම බැන්ඳෙ නැත්තෙ කියල. ඔයාට තේරෙන්නෙ නැති වුනාට, මං තාම ඉගෙන ගන්නවා. ඉස්සර ඔයා ඉස්කෝලෙ ගියා වගේ මං තාමත් යනවා. ඉගෙනගෙන රස්සාවක් කරන දවසක ඒ ගැන හිතල බලන්න ඕන. ඔයා ඉල්ලපු විදියට, මං බඳින දවසට අනිවා කියන්නම්.
කොහොමද, දැන් තට්ටු ගෙදරට පුරුදුද? එදා කිව්ව වගේ තාමත් වත්තෙ අය නැතුව පාළුද? අම්මයි, තාත්තයි සනීපෙන්ද? මං එයාලව මතක් කළා කියල කියන්න. තාමත් වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල ඔයාව ළඟට ගන්න. ඒත් මමයි ඔයයි විතරක් නෙමේ තව ගොඩක් දෙනෙක් දුක්විඳීවි අන්තිමට.
මොනාවුනත් අර පොරොන්දුව තාමත් එහෙම්මමයි. දවසක එන්නම් ඔයාව බලන්න. එදාට දුවෙක් හදල තියන්න, අම්මවයි ඔයාවයි දුවවයි එකට තියල, ඔය ලස්සන එන්නෙ ජාන වලින්ද බලන්න.
මීට,
චාන.
No comments:
Post a Comment