දහසකුත් එකක් වූ පැතුම් පොදි පිරිවරා එගොඩ යන අරමුණෙන් කතරකට පිවිසුණා...
වියරු වැලි තලා මත දිය සොයා ඇවිද යන අතරමං වූ රැළක් මග සොයා වෙහෙසුණා...
වියළි බිම් කඩ තෙමන සිසිල් දිය බිඳු වැලක් නිසරු බිම සරු කරන් වා තලේ විසිරුණා...
මග නොදැන සිටි පිරිස දිය පොදට පින් දිදී මග සොයා ගෙන ගොසින් රැළ පිටින් පිටවුණා...
Tuesday, December 19, 2017
පරාර්ථකාමීන්
වියැකෙන මතක
ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. ඉස්සර මොන්ටිසෝරියෙ හිටපු අයගෙන් දැන් මතක දෙතුන් දෙනයි. පස්සෙ එක වසරෙ ඉඳන් පහේ ශිෂ්‍යත්වෙ ලියනකං ඒ ඉස්කෝලෙ හිටපු අය නං හැමෝම වගේ හොඳට මතකයි. හයේ ඉඳන් උසස්පෙළ වෙනකං පන්ති කඩපු නිසා කිසිම කෙනෙක්ව එක දිගට ආශ්‍රය කරන්නෙ ලැබුණෙ නැති නිසා නම් වශයෙන් මතක නැතත් මූණු හරි මතකයි හැමෝගෙම. ප්‍රශ්නෙ මේකයි. අවුරුදු විසි එකේ ඉඳන් විසි හතර වෙනකං ආශ්‍රය කරපු සෙට් එක මට මතක හිටීද? දන්නෙ නෑ. බලමු...
අපිට නිගමන වලට එන්න පරීක්ෂණ කරන්න ඕන. හැබැයි ජීවිතේ විවිධ අවධි ගැන කරන පරීක්ෂණ කරන්න පුළුවන් එකපාරයි. සමාජජාල නොතිබ්බ ඒ කාලෙ උදේ වරුවෙ විතරක් හම්බවෙලත් මෙහෙම මතක නං, දවසම එකට ඉඳලා රෑටත් online හිටපු අයව කවදාහරි අමතක වෙයි ද? මං දන්නෙ නෑ.
එකට සිටි මංසලෙන්...
වෙන්වෙලා සමු අරන්...
විසිරිලා උන් ගිහින්...
ඒ මතක සිත දරන්...
කාලය ගෙවී ගිහින්...
ජීවිත වෙනස් කරන්...
බොඳවී මතක පොතෙන්...
මුල් පිටු මැකී ගිහින්...
වියැකේවි ඒ මතක...
ගොඩනැගූ පෙර දිනක...
හමුවේද යළි දිනක...
දැවෙන තුරු මේ චිතක...
හමුවේවි අප දිනෙක...
ඈතින් යන විටෙක...
සිහි වේද සිව් වසක...
එකට සිටි ඒ මතක...
දවසක් යළිත් ඒවි...
අපි ආයෙ හමුවේවි...
පෙර මතක මතුවේවි...
සිනා සී වෙන්වේවි...